මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද වීදි සංචාරය කළා.
පස්වරු 06 පසුවී විනාඩි 06ට දකුණු දිශාව බලා පෙරහැර පිටත් වුණා.
දළදා වීදිය, ඩීඑස් සේනානයක වීදිය, පන්සල පාරෙන් ඉහළට පැමිණ දේවවීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය රජවීදිය ඔස්සේ ඉහළට පැමිණ පෙරහැර ගෙවැදීම සිදු වුණා.
අද දිනයේ පෙරහැර කරඩුව වැඩමකරවීම සිදු කළේ දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියායි.
කෝට්ටේ රාජා සහ මියන්රාජා දෑලේ ගමන් කළා.
ප්‍රථම කුඹල් පෙරහැර නැරඹීමෙන් කුඩාදරුවන්ගේ අපල දුරුවන බවට පවතින විශ්වාසයත් සමග අද දිනයේදී පෙරහැර නැරඹීමට කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.