තමන් හෝ තම පක්ෂය කිසිවිටෙකත් පෞද්ගලික අරමුණු වෙනුවෙන් තීන්දු තීරණ ගන්නේ නැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ.
තඹුත්තේගම මැදි විදුහල් සහෝදර හමුව මෙසේ පැවැත්වුණා.
අනුර දිසානායක මහතාගේ පාසල් සමයේ මිතුරන් එක්ව මෙය සංවිධාන කර තිබුණා.