ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
උක්ත පනත් කෙටුම්පත 2024 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය පසුගිය ජූලි 25 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වුණා.