පක්ෂ මාරු කරන පිරිස් ගෙදර යැවීම වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ නීති සකස් කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මල්වාන ප්රදේශයේ පැවති මුස්ලිම් සහෝදරත්වයේ හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
දේශපාලනයේ බොහෝ පිරිසක් වෙනත් පක්ෂවලට යාමට පෙර ජාතික ජනබලවේගයට පැමිණිය ද තම පක්ෂය ඔවුන් පිළිගැනීමට සූදානම් නැති බවයි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.