ලබන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විශ්‍රාමිකයින් වෙත ලබාදීමට සැලසුම් කර තිබු රුපියල් 3000 අන්තර්කාලීන දීමනාව ගෙවීම පිළිබද ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.
ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට ලබාදී ඇති නියෝගයකට අනුවයි.
සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාවක් ගෙවීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළා.
එහෙත් එම තීරණය වළක්වාලමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එම ගෙවීම තාවකාලිකව නතර කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබුණා.
එහෙත් විශ්‍රාමිකයින් මුහුණදෙන ආර්ථික අර්බුද හමුවේ තවදුරටත් ඔවුන් පීඩාවට පත් කිරීමට නොහැකි නිසා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඊයේ දිනයේ දී චක්‍රලේඛයක් මගින් අදාළ දීමනාව සැප්තැම්බර් මාසයේ සිට ගෙවීමට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රාජ්‍ය පාරිපාලන ලේකම්වරයා වෙත අවධාරණය කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරනු ලබන නියමයන් ක්‍රියාත්මක කිරීමට රජය සතු දේපළ භාරව සිටින සියලුම නිලධාරීන් බැදී සිටින නිසා වහාම අදාළ දීමනාව ගෙවීම අත්හිටුවන ලෙසයි.
මැතිවරණ කොමිසම ලබාදෙන නියෝගයන්ට පටහැනිව කටයුතු කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් වහාම ලබන 12 වනදාට පෙර පැහැදිලි කිරීමක් අවශ්‍ය බවයි.
මේ නිසා අදාළ දීමනාව ලබාදීම පිළිබද ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.