සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය නිල වශයෙන් එළිදැක්වීම කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද සිදු කෙරුණා.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙනුයි මෙය සිදුකෙරුණේ.
සැමට ජයක් සමගි රටක් යන තේමාව යටතේ සමගි ජන සන්ධානය එළිදැක්වුණා.
සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීම සදහායි මෙම සන්ධානය ගොඩනැගීම සිදු කෙරුණේ.
විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මෙම අවස්ථාවට එක්ව සිටියා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සමගි ජන සන්ධානයේ ප්‍රතිඥාව ඉදිරිපත් කළා.
කෙසේ වුවද 2019 පැවති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වු ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සදහා ගිවිසුම් ගත වීමේ අවස්ථාවට එක්ව සිටියේ නැහැ.