රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයන්ගේ මෙන්ම විද්වතුන්ගේ අදහස්වලට ගරු කරමින් මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
මාධ්‍යය වෙත විශේෂ නිවේදයක් නිකුත් කරමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නේ 2022 කඩා වැටුනු රට ගොඩනැගුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
2022 වසරේ පැවති අස්ථාවරත්වයෙන් රට නිදහස් කර ගැනීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොටගත් දේශපාලන කණ්ඩායම් බොහෝමයක් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කළා.
එම බලවේග රනිල් වික්‍රමිසිංහ මහතා වෙත තැබූ විශ්වාසය අනුව අප මාතෘ භූමිය සැලකිය යුතු ස්ථාවරත්වයකට මේ වන විට පත්ව තිබෙනවා.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ අතිබහුතර පාක්ෂිකයන් සංඛ්‍යාවක් තමන් වෙත දන්වා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන ලෙසට බවයි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම සියලු දෙනා එක්ව මහත් කැපකිරීම් සිදු කර ස්ථාවරත්වයකට පත් කරගත් අපගේ මාතෘ භූමිය තවදුරටත් ගොඩනැගිම සදහා සෘජු හා යථාර්තවාදී තීරණ ගන්නා රාජ්‍ය නායකයෙකු මේ මෙහොතේ අවශ්‍ය බව තමාගේ විශ්වාසය වී ඇතැයි වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ.