මෙවර ඔලිම්පික් උළලේ ශ්රී ලංකාව වෙනුවෙන් අවසන් නියෝජනය සනිටුහන් කරමින් දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ මූලික වටයේ තරඟය සඳහා අද පස්වරුවේ සහභාගී වුණා.
ඇය මූලික වටයේ තරඟවලින් 16 වැනි ස්ථානය හිමිකර ගත් අතර, දැක්වූ උපරිම දක්ෂතාවය 53.66m ක් ලෙස සටහන් වනවා.
ඔලිම්පික් වරම් අහිමි වූවත් ශ්රී ලංකාව වෙනුවෙන් ක්රීඩා කළ වයස්ගතම ක්රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූ ඇය ශ්රී ලංකාව නියෝජනය කළ තෙවැනි ඔලිම්පික් ක්රීඩිකාවයි.