ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 18 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීම ලබන 14 වනදා මධ්‍යහ්න 12න් අවසන් වනවා.
15 වනදා නාම යෝජනා ලබාදීමට නියමිතයි.
ජාතික ජන බලවේගයේ නියෝජිතයින් රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කළා.
ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ හරිණි අමරසූරිය යන මහත්ම මහත්මින් එක්ව සිටියා.
දෙමළ ප්රගතිශීලී සන්ධානය ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරන බව අද ප්‍රකාශ කළා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් කමිටුවේ පළමු රැස්වීම අද පැවැත්වුණා.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සහ මහින්ද අමරවීර / ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.
තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණ ද තැපෑලේ සිදුවිය හැකි ප්‍රමාදයන් සහ ඉල්ලීම් සළකා බලමින් එය ලබන 9 වනදා දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළා.
මේ අතර මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් / පළාත් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ දී අද පැවැත්වුණා.
මැතිවරණයට අදාළ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති අතර එම පැමිණිලි සියල්ල ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්.