බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.
බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුඩීන් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට නිවේදනය කර තිබෙනවා.
ඒ සමගම බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ඇති කිරීමේ හැකියාව හිමිවනවා.
ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් / එරට දේශපාලන පක්ෂ නායකයින් / සිවිල් සංවිධාන නියෝජිතයින් හා ශිෂ්‍ය නායකයින් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගැණුනේ.
මේ අතර සිරගත කර සිටි එරට හිටපු අග්‍රාමාත්‍ය බෙගම් ඛලීඩා ෂියා නිදහස් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
පසුගිය ජුලි පළමුවනදා සිට අගෝස්තු පස්වනදා දක්වා කාලය තුළ අත්අඩංගුවට ගැණුනු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සියලු දෙනා ද නිදහස් කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා නිවේදනය කර ඇත්තේ.
මේ අතර ජෙෂෝර් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හෝටලයකට විරෝධතාකරුවන් ගිනි තැබීම හේතුවෙන් එහි රැදී සිටි පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම හෝටලය ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගයේ මහ ලේකම්වරයාට අයත් බවයි වාර්තා වන්නේ.