බලංගොඩ පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් දෙදෙනකු ඇතුළු 15 දෙනෙකු අද (06) අත්අඩංගුවට ගත් බව බලංගොඩ පොලීසිය පවසනවා.
අධිකරණ මගහරිමන් සිටි වරෙන්තුකරුවන් දෙදෙනකු සහ ගෙවල් බිදීම් හා මත්ද්‍රව්‍ය ඇතුළු වැරදි කිහිපයකට සමිබන්ධ සැකකරුවන් 13 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අතර තරුණ වයස්වල පසුවන පුද්ගලයන් රැසක් සිටිනවා.
බලංගොඩ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි යුක්තියේ මෙහෙයුමට සමගාමීව මෙම විශේෂ මෙහෙයුම සිදුකළ බව ප්‍රධාන පොලිස් පරික්ෂක දමිත් ජයකොඩි මහතා ප්‍රකාශ කළා.