පොළොන්නරුව පූජා නගරයේ ඉතිහාසය තවදුරටත් විහිදී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලයිඩා තාක්ෂණය ඔස්සේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වි තිබෙනවා.
පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාළිගා පරිශ්‍රය තුළ පළමු වරට ලයිඩා තාක්ෂණයෙන් සිදුකළ පර්යේෂණ වලදි උද්‍යාන සහිත නටඹුන් කලාපයක් සොයාගෙන තිබෙනවා.
මාළිගයේ සිට උතුරු දොරටුව දක්වා පොකුණු මාර්ග භූමියක නටඹුන් දිස්වන බවයි පර්යේෂකයින් පවසන්නේ.
ඝණ කැළෑවක පවතින පුරාවිද්‍යාත්මක නටඹුන් මිටර් 3 ක් පොළව යට නිරික්ෂණය කර බැලිමේ පහසුකම් ලයිඩා තාක්ෂණයේ පවතිනවා.
ඕස්ෙට්රේලියාවේ ලාට්‍රොප් විශ්ව විද්‍යාලයේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලය එක්ව මෙම කැනිම් තවදුරටත් සිදුකරමින් පවතිනවා.
මෙතෙක් කළ කැනිම් වලදි චීන කාසි සහ චීන යුගයේ භාවිතා කළ මැටි බදුන්ද හමුවි තිබෙනවා.