වනාතවිල්ලුව ප්රදේශයේ දී දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා .
වනාතවිල්ලුව පොලිස් බලප්රදේශයට අයත් මයිලන්කුලම මංසන්ධියේ බස් නැවතුම්පළක අලවා තිබූ පෝස්ටරයක් ඉරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ප්රතිකාර සඳහා පුත්තලම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා .
ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය ප්රකාශ කර සිටියේ .