බලංගොඩ සමනල වැව වේල්ල අසල දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇතැයි සමනල වැව පොලිසිය සඳහන් කරනවා .
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව කොලින්ජාඩිය පදිංචි උඩගම මනන්නලාගේ කමල් ප්රසංග නැමැති 29 හැවිරිදි අයෙක්
කොරියන් විභාගයට පෙනී සිට ඉන් සමත් වී සිය ගුරුවරයා සමඟ තරුණ පිරිසක් ඊයේ ( 4) දින සවස සමනල වැව වේල්ල අසල ඇති තටාකයේ දිය නෑමට පැමිණ තිබෙන බවයි පොලිසිය සඳහන් කර සිටියේ
එසේ දිය නාමින් සිටියදී එක් පුද්ගලයෙකු අතුරුදන්වී ඇති අතර පසුව සොයා බැලීමේදී ඔහුගේ සිරුර දිය යට තිබී හමුවී ඇතැයි සමනල වැව පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් ප්රකාශ කර සිටියා