අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීන්දුකර තිබෙනවා .
මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා .
ඉන් අනතුරුව අදාළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුන්ගේ එකඟත්වය මත නිෂ්ප්‍රභ කිරීමටයි තීන්දු කළේ.
වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා .