අපවත්වී වදාළ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවකෝරලේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය ගලබොඩ ඤාණීස්සර ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණා.
ආදාහන පූජෝත්සවය හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර ස්වාමීන්වහන්සේ අපවත් වන විට 81වන වියෙහි පසු වුණා.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයී උන්වහන්සේ අපවත් වුණේ.
උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව හෙට පැවැත් වෙනවා.
ඒ ගංගාරාමය ඉදිරිපිට ක්‍රීඩාංගනයේදීයී.
හෙට දිනයේදී ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.