ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය අද (04) කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.
එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 241ක ඉලක්කයක් හඹා යාමට නියමිතයි.