රුපියල් ලක්ෂ දහ අටක් පමණ වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.
බහරේන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 12,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 60ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.