බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් විසි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ මහ ඔය / අරලගන්විල මාර්ගයේ එම්ඩීකේ වැව ආසන්නයේදීයි. මහ ඔය දෙස සිට අරලගන්විල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් බස් රථ දෙකෙහි ගමන් ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් / කාන්තාවන් 12 දෙනෙක් / පිරිමි ළමුන් හය දෙනෙකු සහ ගැහැනු ලමුන් 12 දෙනෙකු තුවාල ලැබුවා. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහ ඔය පොලීසියයි විමර්ශන සිදුකරන්නේ.