හැකි ඉක්මනින් ලෙබනයෙන් පිටව යන ලෙස ඇමෙරිකාව ලෙබනනයේ රැදී සිටි තම පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.
මැද පෙරදිග කලාපයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි බෙයිරූට් හි පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර ඇත්තේ. බ්‍රිතාන්‍ය ද තම වැසියන්ට ලෙබනනයෙන් පිටව යන ලෙස මීට පෙර දැනුම් දුන්නා.
පසුගිය බදාදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ප්‍රධානියා ඉරානයේ ටෙහෙරාන් අගනුරවදී ජීවිතක්ෂයට පත් වුණා.
එමෙන්ම ඊට පැය කිහිපයකට පසු හිස්බුල්ලා සංවිධානයේ යුද ප්‍රධානියා ඝාතනය කළ බවයි ඊශ්‍රායලය නිවේදනය කළේ.
ඒ සමගම ඊශ්‍රායලයට එරෙහිව දැවැන්ත යුද්ධයක් ආරම්භ කරන බවට ඉරානය හා හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළා.
එවැනි දැවැන්ත යුද්ධයක් ආරම්භ වුවහොත් මැද පෙරදිග කලාපය දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවටයි විශ්ලේෂකයින් මත පල කරන්නේ.
මේ අතර හිස්බුල්ලා සංවිධානය උතරු ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් අද උදෑසන රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.