රත්නපුර මහ නගර බල ප්‍රදේශයේ සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන කිහිපයක ඩෙංගු රෝග කාරක මදුරුවන් ඝනත්වය ඉහළ මට්ටමක පවතින බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥවරිය අවධාරණය කරනවා.
කීට විද්‍යා සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි වසංගත රෝග විද්‍යාඥවරිය රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දී තිබෙන්නේ.
වැසි සහිත කාලගුණ තත්ත්වයන් පැවතීම නිසා ඉදිරියේ මෙම ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාහැකි බවත් ඇය ප්‍රකාශ කළා.
ඇහැළියගොඩ රෝහල් පරිශ්‍රය, ධර්මපාල මහ විද්‍යාලය සහ ජාතික පාසල් පරිශ්‍රය, කෘෂිකර්ම සංවර්ධන මධ්‍යස්ථාන යන පරිශ්‍රව වල රෝග කාරක මදුරු කීටයන් ඇති බව සමීක්ෂණයේදි අනාවරණය වී තිබෙනවා.
රත්නපුර නගර සීමාවේ, පොලිස් ස්ථානය, අධ්‍යාපන මධ්‍යස්ථානය, රත්නපුර ඩිපෝව, රත්නපුර අධිකරණ සංකීර්ණය යන ස්ථාන අවට පරිශ්‍රවල ඩෙංග රෝග කාරක මදුරු කීටයන් සමීක්ෂණයේ දී හමුවී තිබෙනවා.