මෙවර ජනාධිපතිවරණයේදී ජනපතිගේ ජය තහවුරු කිරීමට කැපවන බවට උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ කිහිපයක් සහතික වනවා.
යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ පිහිටි ඊපීඩීපී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකට එක්වුණා.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී කියා සිටියේ උතුරු සහ නැගෙනහිර පළාත් මෙන්ම සමස්ත රටම එක ලෙස සංවර්ධනය කරා ගෙන යාමේ පුළුල් දැක්මක් හා වැඩපිලිවෙලක් ඇති එකම නායකයා ජනාධිපතිවරයා බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවයි.
දෙමළ ප්රගතිශීලී සංගමයේ නායක රාජ්‍ය අමාත්‍ය එස් ව්‍යාලේන්ද්‍රන් මහතා මඩකලපුවේදී සංවිධාන කර තිබූ හමුවකට ද ජනාධිපතිවරයා අද පෙරවරුවේදී සහභාගී වුණා.
රටත් ජනතාවත් බේරාගැනීමට නිර්භීතව ඉදිරිපත් වූ ජනාධිපතිවරයාට රටේ ඉදිරි අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව ද පවතින බවයි ව්යලේන්ද්රන් මහතා මෙහිදී පෙන්වා දුන්නේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සංවිධාන කර තිබූ හමුවකට ද එක් වුණා.
එය පැවැත් වුණේ රාමනාදන් මහතාගේ නිවසේදීයී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.