කෝවිඩ් වසංගතයෙන් පසු සංචාරක ක්ෂේත්රය වර්ධනය කර ගත් රටවල් අතර ශ්‍රී ලංකාව කැපී පෙනෙන මට්ටමකට ළගා වී ඇති බව බොහෝ ජාත්‍යන්තර සංවිධාන හා ආයතන පෙන්වා දෙනවා.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ගත් පියවර හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයේ පිබිදිමක් දැකගත හැකියි.
මෙම වසරේ මාර්තු මාසයෙන් පසු මාසයක් තුළ වැඩිම සංචාරකයින් පිරිස පසුගිය මාසයේ දී මෙරටට පැමිණියා.
එමෙන්ම එය 2023 වසරේ ජූලි මාසය සමග සැසදිමේ දී 19%ක වර්ධනයක්.
එමෙන්ම මෙම වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 12කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒත් සමග සංචාරක කලාප ආශ්රිත පහසුකම් පුළුල් කිරීමට රජය විදිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.
කොරෝනා වසංගතයට පෙර තිබු ආදායමට වඩා සංචාරක ක්ෂේත්රයෙන් මෙම වසරේ ජනවාරි මාසයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 341කට අධික ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකිවුණා.
ඒ අනුව සංචාරක ක්ෂේත්රයෙන් මෙම වසරේ බලාපොරොත්තු වු ඉලක්ක වෙත ගමන් කිරීමට හැකිවුණා.