කවුරුන් බලයට පත්වුවද රට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන පනත් කෙටුම්පත් පහක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ සම්මත කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
හෝමාගම මැතිවරණ කොට්ඨාශයේ පිටිපන හෙට්ටිගොඩ මාර්ගය සංවර්ධනය කිරිමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රටපුරා මාර්ග කිලෝ මීටර් 1500ක් සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය යටතේයි මෙය ක්‍රියාත්මක වන්නේ.
මෙම මාර්ගයේ මීටර් 650ක් දුර සංවර්ධනය කිරීම මේ අනුව සිදුවනවා. ව්‍යාපෘතිය සදහා වැය වන මුදල රුපියල් ලක්ෂ 65ක්.