ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය බිත්තර ආනයනය කිරීමට විරෝධය පා තිබෙනවා.
කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි ඔවුන් පවසන්නේ.
එමගින් දේශීය කර්මාන්තය විනාශ වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ප්රකාශ කළේ.
කෙසේ වෙතත් ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් පුකාශ කළා.