බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ මේ දිනවල රාත්‍රී කාලයේදී කොටියන් කිහිප දෙනෙකු රැඳී සිටින බවට වාර්තා වනවා.
වැඩි වශයෙන් පස්වරුවේ ෙසහ රාත්‍රි කාලයේ දී මෙම කොටියන් මාර්ගය ආසන්නයේ රැඳී සිටින අතර යතුරු පැදි වල ගමන් ගන්න ජනතාව අවධානයෙන් සිටීම වැදගත් වනවා.
රංචුවශයෙන් සහ තනි තනියම මෙම කොටියන් කිහිප දෙනා රැඳී සිටින අතර මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය නිසා ජලය සොයා මෙම සතුන් මෙලෙස පැමිණෙන බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.