යතුරුපැදියක් අනතුරට ලක්කර 7 හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත්කල බව කියන ලොරි රථ රියදුරු වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බලංගොඩ ප්රදේශයේදීයි.
බලන්ගොඩ නගරයේ දි මෙම රියදුරු විසින් යතුරුපැදියක ලොරි රථය හප්පා මෙම දැරියට තුවාල සිදු කර පලා ගොස් තිබුණා.
පසුව එම දැරියගේ පියා සිය යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති දොරට නැග රියදුරු බස්සවා ගැනිමට උත්සාහ කර තිබුණ අතර, එහිදී ලොරි රථ රියදුරු විසින් ලොරි රථය විදුලි කණුවක හප්පා එම පියා මරණයට පත් කර පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ඒ අසල නිවසක සවිකර තිබුණ සිසිටිවි දර්ශන පරික්ෂාකර ලොරි රථය හදුනාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
සැකකරු බලන්ගොඩ වැඩ බලන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.