පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට පවසමින්, රන් පැහැති නෙළුම් මලක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 33ක් වන කවුඩුපැළැල්ල, මාතලේ ප්‍රදේශයේ පදිංචි අයෙක්.
සැකකරු විසින් අදාළ පුෂ්පය රුපියල් 5,000,000ක මුදලකට අලෙවි කිරීමට උත්සහා කර තිබෙනවා.
ඒ පිළිබඳ ලැබුණු තොරතුරකට අනුවයි, මෙම අත්අඩංගුවට ගැනීම මාතලේ අළුවිහාරය ප්‍රදේශයේ දී සිදු කර ඇත්තේ.
මෙම රන් පැහැති නෙළුම් මලෙහි බර ග්‍රෑම් 706ක් වනවා.
විවිධ ප්‍රමාණයේ පෙති 24කින් සමන්විත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.