ඊශ්‍රායල හමුදාව නව ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීමෙන් පසු මධ්‍යම ගාසා තීරයේ පිහිටි බුරේජ් සහ නුසෙයිරාට් සරණාගත කඳවුරුවලින් දහස් ගණන් පලස්තීනුවන් පලා යමින් සිටිනවා.
පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය පැවසුවේ ගාසා තීරයෙන් සියයට 86 ක ප්‍රදේශයක් දැනට එවැනි නියෝග යටතේ පවතින බවයි.
මේ අතර ඊශ්‍රායලය ආක්‍රමණය කළ ගෝලාන් කඳුකරයේ 12 දෙනෙකු ඊයේ රොකට් ප්‍රහාරයකින් ඝාතනය කළ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ළමයින් වනවා.
මෙය හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කල බවටයි චෝදනා එල්ල වන්නේ.
එම රොකට් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට්ටුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුට හා ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ට බලය පවරා තිබෙනවා.
කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර වලින් මියගිය පලස්තීන වැසියන්ගේ සංඛ්‍යාව 39,324 ක්. තවත් 90,830දෙනෙකු තුවාල ලබා සිටිනවා.