ඉදිරි ජනාධිපතිවරණය සදහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති මුදල ලබාදීමට මහා භාණ්ඩාගාරය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අයවැයෙන් මැතිවරණ කටයුතු සදහා වෙන්කළ මුදල රුපියල් බිලියන 10ක්.
මැතිවරණ කොමසාරිස් කාර්යාලය රුපියල් බිලියන 8කට ආසන්න වියදමක් ඇස්තමේන්තු කර තිබෙනවා.
මුද්‍රණ කටයුතු, ආරක්ෂක, ඉන්ධන, ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සුදානම්.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වී ඇස්තමේන්තු ගත වියදම වැඩි වුවහොත් දැනට අවිනිශ්චිත කටයුතු සදහා මුදලක් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බව පෙන්වා දෙමින්.