ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ ශ්රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම් අතරයි.
පාකිස්තාන කණ්ඩායම කඩුලු 3 කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාව කණ්ඩායම සමත්වුණා.
තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙසයි මෙම තරගය පැවැත්වුණේ.
පාකිස්තාන කණ්ඩායමෙන් හිමිවු ලකුණු 141ක ඉලක්කය ශ්රී ලංකා ක්රීඩිකාවෝ සම්පුර්ණ කර ගත්තේ තරගයේ අවසන් පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීයි.
එම තරගයේ දී නායිකා චමරි අතපත්තු පන්දු 48කින් අගනා ලකුණු 48ක් රැසක්රමින් අවසන් මහා තරගය සඳහා කණ්ඩායම රැගෙන යාමට කටයුතු කළා.
ඒ අනුව ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබු ශ්රී ලංකා කණ්ඩායම ඉන්දියානු කණ්ඩායමත් සමඟ තරගවැදීමට නියමිතයි.
තරගය අද පස්වරු 3ට රංගිරි දඹුලු ක්රිකට් ක්රීඩාංගනයේ දී ආරම්භ වනවා.