උතුරු පයාගල ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25ක එක් දරු පියෙක්.
ඔහු මග්ගොන ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
ඔහුගේ බිරිඳ හා දරුවා රෝහල්ගතව සිටින බැවින් කළුතර ශික්ෂණ රෝහලට ගොස් එම දෙදෙනාගේ සුවදුක් විමසා යළි පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ.
අපරික්ෂාකාරී ලෙස බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී මොහු මියගියා.