ස්වාධීන රූපවාහිනී සේවයේ නිසි බලධාරියා ලෙස සේවය කළ තේවිස් ගුරුගේ මහතාගේ 35 වැනි ගුණසමරුව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්රියාත්මක කෙරුණා.
එවකට භීෂණ සමයේ 1989 ජූලි 23 වනදා තේවිස් ගුරුගේ මහතා ඝාතනයට ලක්වුණා.
ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්රථම නිසි බලධාරියා ලෙස ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරමින් සිටියදීයි.
තේවිස් ගුරුගේ මහතාගේ 35වන ගුණ සමරුව වෙනුවෙන් වික්රමසිංහ පුර නාගරික වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් වෙනුවෙන් දානමය පිංකමක් අද පැවැත්වුණා.
තේවිස් ගුරුගේ මහතාගේ දියණිය සුභද්රා ගුරුගේ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් මෙන්ම ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පිරිසක් ඊට එක්ව සිටියා.