අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇතිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
උඩු අලුදෙණිය මහා විද්‍යාලයේ පැවති වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේබව සදහන් කළා.
සක්වල සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහනේ 351 වැනි අදියර උඩුනුවර, වැලිගල්ල, උඩුඅලුදෙණිය මහා විද්‍යාලයේදී ක්‍රියාවට නැංවුණා.
එහිදී රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑහත් දහසක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ සහ ශබ්ද කෝෂ පරිත්‍යාග කෙරුණු අතර පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමටයි කටයුතු කෙරුණේ.