රටේ ආර්ථිකයට බලපාන්නා වූ එමෙන්ම ජනතාව සමඟ සම්බන්ධ වැදගත් ආයතනයක් වූ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන විනය විරෝධී ලෙස කටයුතු කළ නිලධාරීන් පිරිසකගේ වැඩ තහනමට ලක්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
පසුගිය ජනවාරි මාසයේදී පමණ මෙරටට ගෙන්වනු ලැබූ බහාලුමක රූපලාවන්‍ය උපකරණ සහ දියර පොහොර අඩංගුව තිබී ඇති අතර ඒවා ආනයනය කිරීම සඳහා නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා එම බහාලුම රඳවා තබා ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රූපලාවන්‍ය උපකරණ ගෙනඒම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අවශ්‍ය වන අතර දියර පොහොර රැගෙන ඒම සඳහා ආනයන අපනයන බල පත්‍රයක් ලබාගත යුතු බවයි.
එවන් අවශ්‍යතා කිසිවක් සපුරා නොතිබියදී පසුගිය සතියේදී නිලධාරීන් පිරිසක් විසින් මෙම බහාලුම නීති විරෝධි ලෙස මුදාහැර ඇති අතර , ඊට සම්බන්ධ සියළු නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ බව අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියා.