දකුණු පළාතේ පළමු ආඝාත රෝගී ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුවුණා.
දකුණු පළාතේ එකම හා ප්‍රථම ආඝාත ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ ගාල්ල වෛද්‍ය සංගමයයි.
ගුණාත්මක හා සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් කරාපිටිය ජාතික රෝහලේ මෙම ආඝාත ප්‍රතිකාර ඒකකය ඉදිකරනු ලැබුවේ රුපියල් මිලියන 75ක වියදමින්.
එය ජනතා අයිතියට පත් කළ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පළමු රෝගීයා ඇතුලත් කිරීමට ද එක්වුණා.
මෙහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආඝාත රෝගී ප්‍රතිකාර ඒකක පළාත් වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් ද ඇති කිරීමට කටයුතු කරන බවයි.