අමාත්‍ය අලිසබ්රි මහතා ජපානයේ නිල සංචාරයක නිරත වනවා.
අලිසබ්රි මහතා ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් හමුවීමට නියමිතයි.
අද පෙරවරුවේ ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරිය හමුවූ අමාත්‍යවරයා අනතුරුව ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදයේ සභාපති හා කැබිනට් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද හමුවුණා.
සිව්දින නිල සංචාරයක නිරත අලිසබ්රි මහතා ජපානයේ අධිකරණ අමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද හමුවී තිබෙනවා.
දෙරටටම වැදගත්වන කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.