දිගුකලෙක පටන් හෙරෝයින් ජාවාරම් කල කාන්තාවන් දෙදෙනෙක් යාපනය ප්රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.
එහි දී හෙරෝයින් ග්රෑම් 02 මිලි ග්රෑම් 490ක් සහ හෙරෝයින් ග්රෑම් 01 මිලි ග්රෑම් 270ක් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.
සැකකාරියන් යාපනය සහ නල්ලුර් ප්රදේශයේ පදිංචිකාරියන් වෙනවා.
ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය සහ කෝපායි පොලිස් ස්ථාන වෙත භාර දී තිබෙනවා.