බිම්බෝම්බ ඉවත් කිරීම හා අවතැන් වූවන් යලි පදිංචි කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘෘ පැට්රික් මහතා පවසනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මේ බව පවසා කර සිටියේ.
උතුරේ සංචාරයක නිරත වන අතරතුර මෙම හමුව සිදු වුණා.
උතුරේ ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමට යළි පදිංචි කිරීමට රජය කටයුතු කරමින් සිටිනයවා.
යටිතල පහසුකම් මෙන්ම ආර්ථික සංවර්ධනය උදෙසා ද රජය ගෙන යන වැඩපිලිවෙල පිළිබඳ ආණ්ඩුකාරවරිය මහකොමසාරිස්වරයා දැනුවත් කළා.
උතුරේ සංවර්ධනය උදෙසා බ්‍රිතාන්‍ය ද අඛණ්ඩව සහාය ලබා දෙන බව මහකොමසාරිස්වරයා මෙහිදී පැවසුවා.