හෙට (28 ) දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක නිරත වුණා.
බොහෝ පාසල්වලට ගුරුවරුන්ගේ හා ශිෂ්‍යන්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස අඩු වී තිබු බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
ගුරු විදුහල්පතිවරුන් කොළඹ දී ඊයේ පැවැත්වු විරෝධතාවට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් අද දිනයේ ද වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා. ඇතැම් පාසල්වලට ඇතුලු වීමට නොහැකිව සිසුන් ආපසු හැරී යන තත්ත්වයක් ද දැකගත හැකිවුණා.
මේ අතර අද දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු හෙට සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම කටයුතු අද දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණා.
අද සහ හෙට යන දෙදින තුළ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද අද සහ හෙට යන දෙදින තුළ වැඩවර්ජනයක නිරතවීමටයි තීරණය කර ඇත්තේ.
පවතින ගුරුවර්ජනය පිළිබද විශේෂ ප්රවෘත්ති සාකච්ඡායක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැත්වුණා. දරුවන් ගැන සිතා හෙට දිනයේ සේවයට වාර්තා කරන මෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා