රුසියාවේ ඩැගෙස්තාන් ප්රදේශයට එල්ල වූ වෙඩි ප්රහාරයකින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඩජස්ටින් සිනගාස් ප්රදේශයේ කිතුණු දේවස්ථානයකට හා පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්රහාරය එල්ල වී තිබෙනවා.
පොලිස් නිලධාරීන් ඇතුළු 15 දෙනෙකු ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බී බී සී පුවත් සේවය සදහන් කරන්නේ.
එමෙන්ම ආරක්ෂක නිලධාරියෙකු හා කිතුණු පූජකවරයෙක් ද ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්. ප්රහාරය එල්ල කළ තුවක්කුකරු මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඉස්ලාමීය ත්රස්ත ප්රහාරයක් විය හැකි බවටයි සැක පළ කෙරෙන්නේ.