ඊශ්රායල රජයට විරෝධය පල කරමින් තෙල් අවීව් අගනුවර දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණා.
උද්ඝෝෂණ සඳහා විරෝධතාකරුවන් එක්ලක්ෂ පනස් දහසක් පමණ සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.
ඊශ්රාලය ගාසා තීරයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු දැවැන්තම උද්ඝෝෂණය ලෙස මෙය හැදින්විය හැකියි.
ඊශ්රායල අග්රාමාත්යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි විරෝධතාකරුවන් සඳහන් කරන්නේ.
එමෙන්ම හමාස් ප්රාණ ඇපයේ පසුවන්නන් හැකි ඉක්මනින් බේරාගැනීමට රජය කටයුතු කළ යුතු බව ඔවුන් පවසනවා.
විරෝධතාකරුවන් අග්රාමාත්ය බෙංජමින් නෙතන්යාහුව මෙහිදී හදුන්වා සිටියේ අපරාධකරුවකු ලෙසයි.
ඊශ්රායල ගාසා තීරයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු රජයට විරෝධය පල කරමින් සති අන්තයේදී තෙල් අවීව් අගනුවරදී මෙලෙස විරෝධතා පැවැත්වෙනවා.