පාසල් දැරියක් පැහැරගෙන ගොස් භූගත කුටියක සඟවා තිබියදී පොලිසිය විසින් දැරියව බේරාගෙන තිබෙනවා.
බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දාහතරක පාසල් දැරියකුයි මෙලෙස පැහැරගෙන ගොස් තිබෙන්නේ.
පසුගිය නව වනදා රාත්‍රි දැරිය පදිංචි නිවසට පුද්ගලයන් තිදෙනකු ගොස් දැරියගේ පියාට තියුණු ආයුධයකින් පහර දී දැරිය පැහැරගෙන ගොස් තිබුණා.
පසුව පොලීසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී දැරියගේ පෙම්වතා බව කියැවෙන බුත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විස්සක පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
නමුත් දැරිය ගැන කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති අතර පසුව පොලිස් නිලධාරීන් විසින් ඉහත අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සමීප මිතුරන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු හෙළි වුණා.
සැකකරුවන් දෙදෙනා පොලිසියට සිද්ධිය පාපොච්චාරනය කර ඇති අතර පසුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බුත්තල නගර ආසන්නයේ නිවසක කාමරයක සකස් කර තිබූ භූගත කුටියක සඟවා සිටි දැරිය සොයාගෙන තිබෙනවා.
සැකකරු විසින් දැරියගේ වැඩිමහල් සොහොයුරිය සමඟ ප්‍රෙම සම්බන්ධයක් පවත්වා ඇති අතර එම විසි හැවිරිදි තරුණියට සැකකරු විසින් පලා යමු කියා පැවසුවද ඇය සැකකරු සමඟ ගොස් නැහැ.
එම නිසා සැකකරු එම තරුණියගේ නැගණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන මීට ඉහතදි ද මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දිනදාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
දැරිය රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.