ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග රැසක සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා.
ඇළහැර කිරිඔය දිගැන්නාව මාර්ගයේ කිලෝ මීටර දෙකක් සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කෙරුණා.
මාර්ගය අබලන්ව පැවතීම හේතුවෙන් ගොවිජනතාව පීඩාවට පත්ව සිටියා.
කෘෂි නිෂ්පාදන නගරයට ප්‍රවාහන කිරීමේ දී ඔවුන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවුණා.
ඊට විසඳුම් ලබාදෙමින් රුපියල් මිලියන 49ක් වැයකරමින් මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා.