ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 200ට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු හා තුවාල ලැබූවන්ගෙන් රෝහල් පිරීගොස් ඇති බවයි හමාස් සෞඛ්‍ය අංශය නිවේදනය කරන්නේ.
ඊශ්‍රායලය ගුවන් පාබල හා නාවික යන අංශ තුනෙන්ම මේ වනවිට ගාසා තීරයට ප්‍රහාර එල්ල කරනවා.
නුසෙයිරත් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්රහාරයන්ගෙන් අවතැන් කඳවුරකට හා පාසලකට දැඩි හානි සිදුවූ අතර සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.