20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවන පුහුණු තරගය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ අයර්ලන්තයට එරෙහිව ලකුණු 41 ක ජයක් වාර්තා කරමින්.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි පැවති මෙම තරඟයේදී ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි වූයේ ශ්රී ලංකා කණ්ඩායමටයි.
ඒ අනුවට පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩකයින් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 08 ක් දැවී ලකුණු 163 ක් රැස් කළා.
පිලිතුරු ඉනිම ක්රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු දෙකකදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.
පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 23ට කඩුළු 04 ක් බිඳ හෙළුවා.
20-20 ලෝක කුසලාන තරගාවලිය හෙට දිනයේදී ඇමෙරිකාවේදී ආරම්භ වන අතර එහිදී පළමු තරගය ලෙස ඇමෙරිකාව සහ කැනඩාව තරඟවැදීමට නියමිතයි.
ශ්රී ලංකාව සහභාගී වන පළමු තරඟය ලබන 03 වනදා දකුණු අප්රිකාවට එරෙහිව නිව්යෝර්ක්හිදී පැවැත් වෙනවා.