අධික වර්ෂාවත් සමග ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා.
රාජාංගන ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ඇති අතර තප්පරයට ඝන අඩි 9000ක් එමගින් කලා ඔය ජලාශයට මුදා හරිමින් තිබෙනවා.
අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් ද මේ වන විට විවෘත කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.