හක්මන ඩීපෝවේ කොන්දොස්තරවරෙයකු ලෙස සේවය කළ පුද්ගලයෙකු ගිනිඅවියක් පතොරොම් සහ කිනිස්සක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් ,ජීව උණ්ඩ 5ක් සහ ගිණිඅවිවලට භාවිත කරන අමතර බටයක් ද සැකකරු සන්තකයේ තිබි මාතර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හක්මන ඩීපෝවට අනුයුක්තව සේවය කරන කොන්දොස්තරවරයෙකු බවයි හෙළිව ඇත්තේ.
ඔහු පාතාල කණ්ඩායම් නායකයෙකු වන තුඩාවේ රුවන් නැමැත්තාගේ සමීපතම ඥාතීයෙකු වන බවත් විමර්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ෂණ සඳහා මාවරල පොලිසිය වෙත භාරදී තිබෙනවා.