බිරිඳ ඝාතනය කිරීමට වරදකරු වූ කසකස්තානයේ හිටපු අමාත්‍යවරයෙකුට වසර 24ක සිරදඩුවම් නියම කර තිබෙනවා.
කසකස්තානයේ හිටපු ආර්ථික කටයුතු අමාත්‍යවරයාටයි මෙලෙස සිරදඩුවම් නියම කර ඇත්තේ.
වදහිංසා පැමිණවීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමටයි 44 හැවිරිදි ක්වාන්ඩික් බිෂිම්බයෙව් හිටපු අමාත්‍යවරයා වරදකරු කෙරුණේ.
කසකස්තාන අධිකරණයේ මෙම තීන්දුවත් සමග නීතියේ සමානාත්මතාව මෙන්ම ප්‍රභූ පැලැන්තිය තවදුරටත් එරට නීතියට ඉහළින් නොවන බව සනාථ වී තිබෙනවා.
කසකස්තානය තුළ අතිශය ප්‍රසිද්ධියක් ඉසිලු නඩු විභාගයක් ලෙසයි මෙය සැලකෙන්නේ.