ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්රගතිය ජුලි 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ අද කැදවනු ලැබුවා.
සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නා.
දැනට පොලීසිය භාරයේ ඇති ජංගම දුරකතනවල මියගිය තැනැත්තාගේ බිරිද හා දරුවන්ගේ ඡායාරූප වැනි පෞද්ගලික තොරතුරු ඇති බවත් ඒවා තමන් වෙත ලබා ගැනීමට අවකාශ ලබාදෙන ලෙසටත් නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් ඉල්ලා සිටියා.
මේ සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන් ද කරුණු විමසුවා.
එම දුරකතනවලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලබාගැනීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු සළකා බලන බවයි මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේ.